සඳ රැස් ගිලිහුණු (උතුම් පැතුම්)sanda raes gilihunu (uthum paethum)

Sanda Ras Gilihunu (Uthum Pathum)

Music:
ශාන්ත ජයලත්shaantha jayalath
Lyrics:
චන්න ජයනාත්channa jayanaath

Lyrics

සඳ රැස් ගිලිහුණු අහසින් 
තරු කැට ඉල්ලමි රහසින් 
තනියට මම ඉමි ඈතින් 
ළං වෙන්නට බැහැ දෑසින්
 
මගෙ සිත පූජා වේවා 
උතුම් පැතුම්
උතුම් පැතුම් ඉටු වේවා...

ඉන්නට බැහැ ඔබෙන් මිදී
සොඳුරු හැඟුම් හඬයි රිදී
එපා ඔබෙන් මට හසරැලි කවදාවත්
යන්නම යනවා ඔබ මට එපා තවත්
සිතුවිලි නිසසල වේවා
උතුම් පැතුම් ඉටු වේවා...

වියරු ගිනි නිවී නිවී 
කවිය උනා හදිනි ඇතී
කලා පිරුණු සඳ අහසට එන්න ළඟයි
වලාකුලට අපේ ඇස් වල සතුට දැනෙයි
සුසුම සුසුම ඉපදීවා 
උතුම් පැතුම් ඉටු වේවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.