සඳරාණි තනි වීsandaraani thani wii

Sanda Rani Thaniwee

Lyrics

(සඳරාණි තනි වී නිල් අහසේ
මිනි පහන නිවිලා අද නිවසේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ....//)

ගේ පුරා දුවන්නේ
සමනල පාට සිතුවම් අඳින්නේ
ගීතිකා ගයන්නේ
යලි කවදාද සුරතල් දකින්නේ
ටිකිරි ලියේ සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ

සඳරාණි තනි වී....

පා මුලේ වැටෙන්නේ
සුදු අම්මාට නේදෝ වඳින්නේ
ගී ගයා රඟන්නේ
යලි කවදාද සුරතල් දකින්නේ
ටිකිරි ලියේ සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ
යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ

සඳරාණි තනි වී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.