සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන්sanda raejiniye oba hiripodha waessa aran

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Lyrics

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන්
මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින්
හිම කැට වාගේ වැගිරෙන කදුළු අරන්
ඔබ ඈ වෙත යන්න හිමින්
පෙම් හිතක් පතාගෙන මා හඩනා හැටි
කියලා දෙන්න ඉතිං ....  කියලා දෙන්න ඉතිං

හැම ආත්මෙඳිම ඔබ දුන්නු කදුළු කැට
මට තාමත් මතකයි .... මට අද වාගෙම මතකයි
ඒ සුවඳ මගෙන් දුර ඈතට යනකොට 
මං හැඩුවේ ඒකයි ... හැඬුවේ හැපුනේ ඒකයි
බැහැ මට ඉන්නට බැහැ
ඔබ නැති ලෝකය කලුවර අහස අහස වගෙයි
මේ ඔබ එනවානම් කොතෙක් කලක් හරි
බලා ඉන්න ආසයි .... මග බලා ඉන්න ආසයි

එක රාත්‍රියක මහ නපුරු හීනයක් 
මට අනතුරු අගවයි .... ඔබ අන්සතු බව පවසයි
ඒ හීනයක්ම පමනක් වේවායැයි 
මගෙ හදවත මුමුණයි .... හැම තිස්සෙම හිත මුමුණයි
නැහැ මම ඉන්නෙම නැහැ
ඔබ මට නැත්තනම් හදවත හඩා වැටෙයි
නෑ ඔබ එනවාමයි ඇස්දෙක මගෙ මට
ඒ ගැන විස්වාසයි .... මට ඒ ගැන විස්වාසයි

සඳ රැජිණියෙ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.