සඳ පිනිsanda pini

Sanda Pini

Music:
චින්ති ප්‍රනාන්දුchinthi pranaandhu

Lyrics

සඳ පිනි ඈතින් පේනා දෑසින් කීව ඈ කතා
සියො ළඟ දෝතින් ගේනා පෙම් බස් කෝළ ඒ නුරා ඕනා 
මුමුණන දෑසක් මා හා දල්වන් හීන රෑ පුරා ගෑවිලා 
තනිවෙමු රෑ දෑත අල්ලා සිත මගේ තාමත් ඈව ඉල්ලා
කොඳුරමු රෑ මාගේ හින්දා...//

දහසක් කාරණා ආවා හිරිමල් මා සොයා තෝරා දෙන්නම් ඒ නිසා 
සීමා නෑ මා ගෙනා රහසක් නෑ කියා සිත් පීරා පිනි මල් දෑත නංවා 
මා හා තරු නෙත් යාවෙලා පෑවා ඈ මා සේයා ආදරේ හේතුව
දෙන්න දන්නා පණ දෙන්නට ළංව ඉන්නා
නාගර මා දුව ළං කළා සිත හැඩකර රංචු වෙන්නා
දේදුනු හීනෙක ඉන්න එන්නා හිත ඉල්ලන දේම දෙන්නා
ආදර පාලම යාවෙලා ඔබ සිතන්න කරන්න ළඟින්ම රැඳෙන්න මා...

කළුවර ගොරියක් පාට පාට කලපුවේ සාදයක් 
මාළු බාන දාට පන්දම් ගෙනෙන්න දන්සල් වඳින්න
අක්කරෙයිපත්තුවේ සක්කරවට්ටම නැළවෙන තාලයක්
හීන හීන රෑට මගේ හිත ගීතයක් දෑස දෑස යාව
සිත්තම් අඳින්න වත්කම් කරන්න මාත් එක්කම
රණ්ඩු වෙන්නේ නම් ඈ....

සඳ පිනි ඈතින් පේනා...

දහසක් කාරණා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.