සඳපාන වාගේ දිළෙන්නේsandapaana waagee dhilennee

Sanda Pana Wage Dilenne

Music:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

සඳපාන වාගේ දිළෙන්නේ 
ඔබමයි හදේහි රැඳෙන්නේ 
නිල් විල් ජලාසේ හංසිය විලාසේ 
මා හද විලේ සැරිසරන්නේ 
සඳපාන වාගේ දිළෙන්නේ 
ඔබමයි හදේහි රැඳෙන්නේ

මල් මාවතේ සරි සරාලා නැළවුණු ලඳේ තුරුළු වීලා 
සමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගොමුවේ නෑ මල් පිපීලා 
ඔබ නොඑන මේ බිම් තලාවේ පාළුව හඬයි රෑ දවාලේ 
කවදාක හෝ යලි සිනාසෙයි ආයේ ආවා කියා පෙම්බර වී 
හද වේදනාවන් නිවේවි 

සඳපාන වාගේ...

නිල්වන් ගැබේහි පියඹා එන්නම් ප්‍රියේ ඔබ සොයාලා 
සිඳලන්න මේ කඳුළු ගංගා හද වේදනා මදිද වින්දා 
යළි මාවතේ මල් පිපීලා සමනල්ලු රෑනේ පිරීලා 
ඔබ මා ලඟින් ඉන්නවා නම් ආයේ ම මී වසන්තේ උදා වී 
හද වේදනාවන් නිවේවි

සඳපාන වාගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.