Lyrics
සඳ පහන් රැයේ මේ...
සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම්
සිහිනයේ, අනේ මම රාත්‍රිය උනානම්...
මුව උඩින් පාත් වී හිඳීවි
සිනා මල් මිටක් වී පිපේවි
අනේ මම රාත්‍රිය උනානම්...
ළඟ ළඟම මා ඇතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලීනම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනානම්...
ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරෙයෙන් ලං වෙලා හිඳිවි
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක් වෙලා වැටේවි...
සඳ පහන් රැයේ
මේ සඳ පහන් රැයේ
සදාකල් ලඟින් හිඳින්නම්
මම නුඹව මලක් සේ රකින්නම්
මම මලක් සේ රැඳෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේනම්
ආදරයෙන් ලං වෙලා හිඳීවී
හාදු වැස්සක් වෙලා වැටි...