සඳ මිටියාවතේsanda mitiyaawathee

Sanda Mitiyawathe

Music:
මහේෂ් දෙනිපිටියmaheesh dhenipitiya
Lyrics:
ගිහාන් චාමිකgihaan chaamika

Lyrics

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා 
සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ
මිතුදම් පෑ දොලෙන් තරු රෑනේ ගෙත්තම් තැබුණා
හැමදාමත් සම සිතෙන් පෑ 
දිය මල්බර නිසා පෙම් මල් නෙල නෙලා
යනදාට සුරඟනිය මාගේ
සිත ඉවසා දරා සරතැස නිවා
හිනැහෙන්න හෙට උදයේ වාගේ.....

තියාලා හිතවත්කම් තියාලා යනවා බෙදී
තරු මෙන් සඳ ලතා
ගොතලා සහසක් මල් ගොතාලා
පළඳාගමු සෙනෙහෙන් පීදුණු
මනහාර හිරිමල් කතා සමනල් වියේ......

ගිය වස්සානයේ මල් වයසේ සක්මන් දැනුණා
ඇස් මායිමේ කඳුළකින් පෑ 
හිතවත් අත් දෙකෙන් කවදාවත් ඉක්මන් නොවෙනා
දුක කී දා අස් වැසුම් පෑ
මල් මිට අතදරා නිල් ඇස් සල සලා
යා යුතුය කුමරියනි මාගේ දුක විමසා සොයා
තනියම හිත තියා මං ඉන්නේ රෑ අහස වාගේ......

තියාලා හිතවත්කම්........

මිතුරු හිතක දුක වාවනා
සොඳුරු මිහිරි කවි ගේනා
බොළඳ වියේ හදගැස්ම පේනා
හෙට දිනෙක මිතුදම මවා......

තියාලා හිතවත්කම්........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.