සඳ මනාලියේsanda manaaliyee

Sanda Manaliye

Lyrics

සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා 
දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලා 
තරු කඩා හැලේ නා දළු සිඳ හිත නෑ බිඳලා 
මගෙ මනාලියේ මා හැරයනු නාඬනු මතුදා 

ආදර අහසේ මේ කුළු යහනේ 
මගේ තුරුලට වෙලා 
තරුත් පාට කළා 
මගෙ ලඟ හිඳලා  

මා නෙතු දැහැනේ 
දේදුණු සිහිනේ මකා 
සඳවත ගියා 
රනින් මාල සොයා 
මගෙ ලඟ හිඳලා

සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා 
දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.