Lyrics
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යලි එන්නට එපා කියන්න
මගේ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
සඳ මඩලට හිනැහෙන්නට...//
මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
සඳ මඩලට හිනැහෙන්නට...//