Lyrics
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
මගේ මධුර වසන්තයට ඔබත් ළංවුණා
සඳ වත ගැන කී කවි ගී පද සැබෑ වුණා
කෝකිලයන් ජයමංගල ගීතිකා ගයා
සඳ වත පිළිබඳ කතාවේ සඳ උදා කළා
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
පිපුණු මලක සුවඳ දිදී හදේ දැල්වුණා
අනන්ත වූ මියුරු කල්පනා
සඳුන් අඳුන් සී ඇඳුමින් දෑස අභිමුවේ
මැවූ ලෝකයයි සුරංගනා
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
සිතක හැඟුම් පුබුදු කලා සොඳුරු පෙම් වදන්
පුරවී ගීත රාවයක් වෙලා
ඇසුන ඇසුන හද සක්සර රාව නංවනා
ජීවිතයම ගීතයක් කලා
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
මගේ මධුර වසන්තයට ..........