Lyrics
(සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඩ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා...//)
කැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ
ආදරයට පෙරුම් පිරූ දේ සඳ එළියේ රුව පෙනී
සිත පිබිදී මල් පිපි ඒ සිහිනේ බොඳ වෙලා
සඳ කුමාරියක්....
පැලේ පහන දැල් නොවේ මාස පෝයදා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා මං තනියේ කළුවරේ
වේදනාව තුරුල්ලේ මා ගයනා ගීතයයි
සඳ කුමාරියක්....//
(මා තනිවී දෑස තෙමෙනවා...///)