සඳ කිනිති නැමී විල් දියට එබීsanda kinithi naemii wil dhiyata ebii

Sanda Kinithi Nami Vil Diyata Ebi

Music:
ලක්ශ්මන් විජේසේකරlakshman wijeeseekara
Lyrics:
යමුණා මාලනී පෙරේරාyamunaa maalanii pereeraa

Lyrics

(සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ...//)

(සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්...//)
සසල වෙලා දිය කැළඹුනු දා
බිඳෙයි සඳ කැබිලි පිටින්

සඳ කිනිති නැමී....

(සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්...//)
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින් 

සඳ කිනිති නැමී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.