සඳ කාන්තිsanda kaanthi

Sanda Kaanthi

Lyrics

සඳ කාන්ති දෙන රාත්‍රියේ

සඳ කාන්ති දෙන රාත්‍රියේ
මේ රංග මණ්ඩපයේ
නාට්‍යාංගනාවී දන මන උන්මාදවී

දිගු නීල නයන හෙළා
මිණි මෙවුල නිතඹ සලා
මිණි සළඹ පාද තබා රඟන්නී
දන මන උන්මාදවී

සඳ කාන්ති...

මදහසිනි මුව සරසා
මත් කොවුල් හඞ පරදා
සත්සරින රස අමුණා ගයන්නී
දන මන උන්මාදවී

සඳ කාන්ති...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.