සඳ හිනැහෙන රාත්‍රියකsanda hinaehena raathriyaka

Sanda Hinahena Rathriyaka

Music:
ඉන්ද්‍රජිත් මිරිහනගේindhrajith mirihanagee
Lyrics:
සමන් කුලරත්නsaman kularathna

Lyrics

සඳ හිනැහෙන රාත්‍රියක හෙමින් හෙමින් ඇවිද යන්න
සිතුවම් කල පාට පාට සිහන ලොවක තුරුළු වෙන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

ඔබේ ලගට තුරුලුවෙලා මියුරු වදන් තව අහන්න
සදවන් වූ මුහුන බලා කෝල කතා රස විදින්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

නිල් වරල මුහුන පුරා ඉහිරවලා බලා ඉන්න
ඔබෙ ඇස් වල පාට අරන් මුළු අහසෙම කවි ලියන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

දිය පොදෙක සිහිල අරන් ඔබෙ දෙකොපුල පිරිමදින්න 
කුරුළු පිහාටුවක නැගී ඔබත් එක්ක පියාඹන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්නයට දුවන් යන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.