සඳ ගිලුනත් හිරු ගිලුනත්sanda gilunath hiru gilunath

Sanda Gilunath Hiru Gilunath

Album
Clarence Nonstop

Lyrics

සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ
කමක් නෑ කමක් නෑ කමක් නෑ... //

දවස ගෙවා සිහින රැයේ
ඔබව සොයා බලන පැයේ//
මට සිතුනා ඔබට ප්‍රියේ
කියන්නෙමී රහස ලයේ

සඳ ගිලුනත්...

මගතොට දී හමුවෙනවා
දෑස පුරා සිනැහෙනවා//
කථා කළා සිනාසුනා
සිහිනෙන් මා අද දකිමී

සඳ ගිලුනත්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.