Lyrics
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස දිලි සඳ පාන
ඒ හඳ ඇයිද දියවක දී කුලු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ලඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නළ සේම
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම