Lyrics
සඳ අයිතිය සඳ සාවුන්ට
හිරු අයිතිය නිල් ගුවනතට
සඳුගේ හිරුගේ එළිය අරන්
ගුරු දෙගුරුන් බහ උදුරන්
මල දෙන්නලු පෙම් කළ ඔහුට.....
වෙල් එලියෙන් එන පුස්ඹයි
තුරු වදුලේ ගුමු ගුමුවයි
මතකයි නම් නංගෝ නුඹට
අමතක ඇයි සුදු අයියා අද.....
සඳ අයිතිය.....
පිපුණු පියුමේ හැඩ පෙනුමෙන්
හමන නැවුම් මුදු සුවඳින්
රැක ගත්තා නම් මං නුඹව
බහ දුන්නේ ඇයි බඹරෙකුට.....
සඳ අයිතිය.....