සඳ අහිංසකයිsanda ahinsakayi

Sanda Ahinsakai

Lyrics

සඳ අහිංසකයි
සඳට වැඩිය ඔබ අහිංසකයි
ඔබෙ සුවඳ දැනෙයි
ඔබ මං ලඟ ඉන්නවා වගෙයි

මගෙ සිත මගෙ වුනාට මගෙ සිත ඔබ ගාව නැවතිලා
ඔබෙ රුව ඔබෙ වුනාට ඔබෙ රුව මගෙ හදේ සැඟවිලා
දෙතැනක පෙම් කලාට දහසක් පැතුම් පීදිලා
හීනෙන් ලඟට ඇවිත් ඔයා කියයි යන්න බෑ කියා 

සඳ අහිංසකයි .... //

ආදර කවි කියන්න කියලා දුන්නේ ඔබයි ලං වෙලා
රහසින් මට කියන්න අහස තරම් ආදරෙයි කියා
ඔබ මට නොදැක ඉන්න බෑ ඇස්වල කඳුළු පීදිලා
හැමදාම ලඟින් ඉන්න හදේ සුසුම් යාවි වියැකිලා 

සඳ අහිංසකයි .... // 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.