සැන්දෑ අහස වගේ saendhae ahasa wagee

Sanda Ahasa Wage

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
ලූෂන් බුලත්සිංහලluushan bulathsinhala

Lyrics

සැන්දෑ අහස වගේ 
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ..//
‍
හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසිකෙරුවා මං...
රෑකල අහස බලන ඔබට පෙනෙයි‍..
හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී..

සැන්දෑ අහස වගේ..//

කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං...
රෑ කල අහස බලන ඔබට පෙනේවී...
හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී...

සැන්දෑ අහස වගේ..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.