සැනසුමක් පතාsaenasumak pathaa

Sanasumak Patha

Music:
ඉන්ද්‍රජිත් කරුණාරත්නindhrajith karunaarathna
Lyrics:
රුවන් මීගස්වත්තruwan miigaswaththa

Lyrics

සැනසුමක් පතා හිතේ
දෙව්දුවක් සොයා ගියේ
ජීවිතේ අනන්තේ නැවතිලා
සැඟවෙනා නිරාශයේ ස්වප්නයක් ද ප්‍රේමයේ
බිඳ දැමූ සිතුම් වියැකිලා
රෑපුරා දිගන්තයේ සුවඳ තියෙනවා ඔබේ
ජීවිතේ පැතුම් බොඳවෙලා...

(ගිලිහෙන නුඹේ සෙනෙහස පතා 
මා සදා හඬනවා..
සැනසුම ඔබේ ඔහු ලඟ නිසා
මා සදා තැවෙනවා...//)
මා සදා තැවෙනවා...

(මේ ගුරු පාරේ අපි දෙන්නා
රෑ අහසේ තරු ගැන්නා...//)
සිත නොරිදා දැවැටුනු ඒ
මුදු සෙනෙහේ මදි වී දෝ
ආදරේද මේ ඔබ කියනා
ජීවිතේද මේ දුක ලියනා
ආදරේද මේ ඔබ කියනා...

ලගින් තියන් හොර බැලුම් හෙලූ ඒ කාලේ
පහන් හැගුම් මුදු වදන් ඔහේ දෙඩු බාලේ
හිතක් ලයක් නැති කෙනෙක් වගේ
නුඹ මගෙන් දුරට ඇදුනා
ආදරේද මේ ඔබ කියනා
ජීවිතේද මේ දුක ලියනා
ආදරේද මේ ඔබ කියනා...

සැනසුමක් පතා හිතේ.../

ගිලිහෙන නුඹේ සෙනෙහස...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.