සැනසුමක් නෑ හදවතේsaenasumak nae hadhawathee

Sanasumak Na Hadawathe

Music:
නිරාන් ප්‍රනාන්දුniraan pranaandhu
Lyrics:
නිරාන් ප්‍රනාන්දුniraan pranaandhu

Lyrics

සැනසුමක් නෑ හදවතේ ගියදා පටන්ම ජීවිතෙන්
පුංචි වරදක් මා කළත් හිතේ සඟවන් ඇයි ඉතින්
තිබුණා නම් අවබෝධයක් තවම අප අප ළඟින්
වෙන්ව යන්නට හේතුවක් ඔබ හෙව්වේ ඇයි රත්තරන්........

පෙර එදා හමුවෙලා අපි හිටියේම හරි ආදරෙන්
මතකයන් දැන් අපේ දවනවා මා පාළුවෙන්
මොහොතක් සිතා බලා ආදරෙන් ළං වෙලා
අපට වැරදුණු සෑම මොහොතක ඉවසුවා නම් එදා.......

පුංචි පුංචි රණ්ඩු සරුවල් ආදරේ කඩතොළු කළා
මටත් නොපෙනෙන ලෙසින් සිත යට හංගගෙන විඳවන් 
ඔයා හිටියේ ඇයි හිනැහිලා තිබුණා නම් වේදනා
අපට වැරදුණු සෑම මොහොතක ඉවසුවා නම් එදා.......

සැනසුමක් නෑ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.