සැණකෙළියේ සඳ එළියේsaenakeliyee sanda eliyee

Sanakeliye Sanda Eliye

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

චිත්‍රපටය: අපේක්ෂා (1978)

සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි

නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ
හිරිමල් යොවුන් විලාසේ
දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ
සමනළ ගමන් ලතාවේ

සැණකෙළියේ සඳ එළියේ...

මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
කාගෙද කවුදෝ දන්නේ
ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ
අද රෑ විනෝද වන්නේ

සැණකෙළියේ සඳ එළියේ...

නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ...

සැණකෙළියේ සඳ එළියේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.