සමුගන්නටsamugannata

Samugannata

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
දිලංක ගයාන්dhilanka gayaan

Lyrics

සමුගන්නට ආදරයෙන් හිතුවා හුඟක්ම දුරක් ගිහින්
ආදරයෙන් අමතන්නේ කොහොමද අපි දැන් අපි නොවෙයි
පෙමක් ගැන ඔයා සිතුවේ ඇයි යළි හඬන්නටද
තනිවම ඉන්නම් සිත හදාන මං ආදරයේ නාමෙන්
ආදරයේ නාමෙන්.......

වසර ගණන් කල් පෙම් කෙරුවා අපි බැඳිලා ආදරයෙන්
යන එන හැම තැන් වල ඔබ පැතුවා මං ලෝකයටම රහසින්
සිනාසෙන්න බෑ තවත් වතාවක් මට දුක හුරු පුරුදුයි 
ආදරේ තවමත් සිතේ නුඹට පමණයි......

සමුගන්නට ආදරයෙන්.......

සිතා බලනකොට ආදරේ සැමදා කඳුලක් වී නිම වෙයි
ජිවිතයේ දුර යන්නට බැරි බව දැනුනේ මට පසුවයි
සමුඅරගෙන අපි හුඟාක්ම කල් බව දන්නේ අපි විතරයි
ආදරේ තවමත් සිතේ නුඹට පමණයි......

සමුගන්නට ආදරයෙන්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.