සමුගන්නදෝ ආයෙ හමුවෙන්නදෝsamugannadhoo aaye hamuwennadhoo

Samugannado Aye Hamuwannado

Lyrics

සමුගන්නදෝ ආයෙ 
හමුවෙන්නදෝ
අවසන් සිනාවෙන්ම
වෙන් වන්නදෝ

පෙරදා බැඳී ආදරේ
හිරු සේ ගිලී සාගරේ
මට බැහැ ළඟින් ඉන්න
ගොළුවූ ලෙසේ
හැමදා සුසුම් ලන්න
හැකිදෝ මෙසේ

මතුදා දෑතේ වෙලී
පැතුසේ සෙනේහේ බැඳී
ලංවෙන්න හිනැහෙන්න
පෙරසේ ඔයා
කඳුලෙන් සුසුම් රැල්ල
බොඳවී ගියා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.