සමු ගන්න රත්තරං සමු ඉල්ලලාsamu ganna raththaran samu illalaa

Samuganna Raththaran Samu Illala

Lyrics

සමු ගන්න රත්තරං සමු ඉල්ලලා
ඔබ එව්ව ලියුමේ ගිනි දැල් විලා
අළු වී ගියා වගේ අළුවෙන්නෙ නෑ
මම තාම ආදරෙයි එය බිඳුනෙ නෑ

සඳ තරු සිනාසී අප බැඳුණු දා
සඳ තරු හඬාවී අප බිඳුණු දා
සුවඳයි ඔබේ පෙම හදවත පුරා
කඳුළක් උනත් එය මට වටිනවා

ඔබ දුන් දුකත් මට විඳගනු හැකි
ඔබ ළඟ නැතත් මට ඉවසිය හැකි
වෙන කාටවත් හෝ දුක් දෙන්නෙපා
කවදාකවත් ඔබ තනිවෙන්නෙපා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.