සමුගන්න බෑ මටsamuganna bae mata

Samuganna Ba Mata

Lyrics

සමුගන්න බෑ මට සමුගන්න බෑ
සමුගන්න බෑ සිත ඉඩදෙන්නෙ නෑ
තනිවෙන්න බෑ යළි තනිවෙන්න බෑ
සමුගන්න බෑ මට සමුගන්න බෑ

ඈත විමානෙන් ඔබ ඇවිදින්
තරුවයි සඳයි සේ උන්නා ළඟින්
මට දුන් සෙනෙහස කුළුඳුල් සිතින්
ඔබම රැගෙන අද කොයිදෝ ගිහින්

සයුරු තෙරේ අප හමුවී එදා
ඔබ කී කථා බෝ සිතෙහි රදා
හිමි නැති දේවල් පැතුව නිසා
අද මට කඳුළැලි ඉතිරි වෙලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.