සමුගන්නsamuganna

Samuganna

Music:
ඉසුරු වික්‍රමisuru wikrama
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

සමුගන්න අවසරද හිත හදා ගන්න දෙන්න 
මං නැතුව ඔබ තනියෙන් ඉන්න පුරුදු වෙන්න  
විරාමයක් නොව මේ ආදරයක අවසානේ 
පොරොන්දු කඩ කෙරුවේ ඇයි වැරදි කාර ලඳුනේ 
ජීවිතයට හරි අවදානම් සෙනෙහේ 

අපගේ ප්‍රේමය දැන් 
වළලා දමමු ඉතින් 
මතකේ කටු සටහන් 
සඟවා සමු ගමු දැන් 

ප්‍රේමයේ අනුහස් මැද වැදුනා වස් 
ආදරණීය හීනය තිස්සේ නොසැලී තිබිනි
ජීවිතෙ නිසදැස් කතාවෙ පිටු පොත් 
මතකෙට විතරක් නොමියන චරිතෙක ජීවත් වේවී  
ජීවිතයට හරි අවදානම් සෙනෙහේ  

සුසුමට සුසුමක් හමුවන මොහොතක් 
ආත්ම ගානක් අපි වෙනුවෙන් බොහො පෙරුම් පුරාවී 
රිදුමට නටබුන් පපු ගැබ උහුලන් 
හුදෙකලාවේ තනි මංසලේ ආයෙත් ඉන්නට වේවී 
ජීවිතයට හරි අවදානම් සෙනෙහේ

අපගේ ප්‍රේමය දැන් 
වළලා දමමු ඉතින් 
මතකේ කටු සටහන් 
සඟවා සමු ගමු දැන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.