සමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා )samudhura sindalaa aba mita soyalaa (ammaa )

Samudura Sindala Aba Mita Soyala (Amma)

Lyrics

සමුදුර සිඳලා අබ මිට සොයලා
සසර සරන අම්මා 
නංවා ගන්නට ඇත්නම් 
මගේ උරේ මතට අම්මා
නංවා ගන්නට ඇත්නම්...

උමතු සිත් උල ඇනෙනා
පුතු පෙම සේ දරු සෙනෙහස පානා
සසර සරන අම්මා
නංවා ගන්නට ඇත්නම්...

සසර කතරට වස්නා 
සිත ප්‍රේම වර්ෂා ස්නේහ මේඝය 
නංවා ගන්නට ඇත්නම්
සදහටම මගේ සිත් අහසට අම්මා 
නංවා ගන්නට ඇත්නම්...

සමුදුර සිඳලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.