සමිඳු පාමුලsamindu paamula

Samindu Pamula

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

සමිඳු පාමුල පිදෙන විලසින් 
නා මලක් වී මා මළත් කම් නෑ

මහා කරුණා ඇල් දියේ සිසල ලොවකට දුන් පියේ
වෙසුණු ඝණඳුර දිවි රැයේ පහන් දොර හිරු නැගි පැයේ
පැමිණියෙමි දුර ඈත සිට මා හිමි දෙසූ බුදු බණ අසන්නට

ගලා ගිය දම් ගඟ අමා අදත් බැස යයි ලොව තෙමා
රුදුරු බියකරු රාගයේ අතරමං වූ ලෝකයේ
නිවන් මෙත් සුව ලබන පැතුමින් පැමිණියමි බුදු බණ අසන්නට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.