Lyrics
සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා
මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර
ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම