Lyrics
හිරිමල් වයසේ හීන ලොව සැරිසරා
රංචු ගැසි කෙළි දෙලෙන් එදා
ඔච්චමට වගේ දෙතෝලේ තැබූ දුම්වැටියේ
අතරමං කළේ ඇයි මගේ ජීවිතේ
සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ
(සුවඳ දැනෙයි ඔබගේ.......//)
සුරාවිතෙන් දෙතොල තෙමි මත් රකුසා ළඟම රැඳී
පෙම්වතියද හැර ගියා වැහැරුණු කය හැරදමා
සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ
(සුවඳ දැනෙයි ඔබගේ.......//)
විලංගුවෙන් දෑත වෙලී සිරගත වී අඳුරු බිමේ
කවුරුවත් නැති වෙලා මැරි මැරි ඉපිද මැරි
සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ
(සුවඳ දැනෙයි ඔබගේ.......//)