සමාව දෙන්නම්samaawa dhennam

Samawa Dennam

Album
Sithe Pem Pura

Lyrics

සමාව දෙන්නම්
පෙම්බර සිතකට
අමාවකයි අවසන් වෙන්නේ
පමා වුණත් අපි
යන සංසාරයේ
කඳුළයි අප හට
හිමි වෙන්නේ
සුසුමයි හද ලඟ නවතින්නේ

රනින් රත්තරං නැතුවාට
මැදුරු මාලිගා නැතුවාට
ඔබේ සුවඳ ඇති මට තාම
සුවඳ මලක් වෙනු හැමදාම
සෙනෙහස දයාබරයි
සදාදරියෙ අපි අහිංසකයි

සමාව දෙන්නම්....

මල් පොකුරක් අත නැහැ රැඳිලා 
මංගල පෝරුව නැහැ හැදිලා
අඬන්නේ නෑ සිත ඉරි තැලිලා
සෙනෙහෙ සුවඳ ඇති හිත පිරිලා
ඇස් දෙක කතා කරයි
මල් පෙති පිබිදුණි සිනහවටයි

සමාව දෙන්නම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.