සමනළීsamanalii

Samanali

Lyrics

සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ඒ මනරම් මුතුවැල් හා පබළු
මා ළඟ මෙහෙම තියා
මා ළඟ මෙහෙම තියා
ගිම්හානේ මදහස ළඟ නවතා
හිනැහී යන්න ගියා
හිනැහී යන්න ගියා

සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
රෑ රැඟුමේ දුටු ගී හඬ හැඩලූ
ඔබගේ දසුන නිසා
ඔබගේ දසුන නිසා
සඳ පානේ නිහඬව නෙතු සනසා
සමුගෙන යන්න එපා
සමුගෙන යන්න එපා

සිත නතු නැති සමනළී
මට බිඳුවක් ඉන්න කියා
ළඟ පාතකට ද දන්නේ නෑ
තටු ගසමින් ඉගිල ගියා
සිත නතු නැති සමනළී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.