සමනළ වැව පුරවන්නටsamanala waewa purawannata

Samanala Wewa Purawannata

Lyrics

සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා //

පහන් තරුව පායා විත්
ඔබ එන බව පවසන විට //
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා //

පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමනකි කඳුළක //
කඳු අතරේ වළා රොදක ඔබ  සැඟවීලා
සුවඳ හදේ රඳවලා .... යන්න ගිහිල්ලා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.