Lyrics
සමනල සමනළියන් මැද්දේ
අද සඳක් වගේ මුහුණේ
විසිරෙන හසරැල්
යුවතිපතින්නේ
දොලොස් මහේ පහනේ
ඔබ ඔහුගේ වෙයි
ඇය ඔබගේමයි
දෙහදක් අද එක්වෙයි
මදුමල් මංගල මල්ගොවිල්ලක
අද පුර සඳ පායයි
දිගුකල් අත්වැල් බැඳ
වැජඹෙන්නට
හැම දෙවි රැකවරණයි
හැම දෙවි රැකවරණයි