සමාන වී ඉපදීsamaana wii ipadhii

Samana Wi Ipadi

Lyrics

සමාන වී ඉපදී දිවි තලාවේ
කුලේ නිසා ලොව සමහරු මුලාවේ
මගේ කියා මොනවද අපි ගෙනාවේ
දිනේ පැමිණි විට මරුවා හිනාවේ //

ඔබෙ ළය පැලුවත් තකිනර රතු ලේ
මගෙ ළය පැලුවත් තනිකර රතු ලේ
ඔබ මැරුණත් ඔබේ සිරුර දිරනවා
මා මැරුණත් මගේ සිරුර දිරනවා

සමාන වී ඉපිදී.........

මිනිස්කමින් ලොව කුළය හැදෙනවා
සරණාමර හිමි ලොවට දෙසනවා
ඒ දහමින් ලොව අඳුර බිදේවා
සමාජයේ ඉන් එළිය වැටේවා

සමාන වී ඉපදී ..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.