Lyrics
සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ //
මුදු සුවඳයි රුව මඩලයි
මුදු සුවඳයි රුව මඩලයි සමව මිහිර දෙන්නේ
මේ කොයි මල නෙලන්නදැයි සිත අසරණ වෙන්නේ
සිත අසරණ වෙන්නේ
සමන් මලයි ....
එක පියුමයි නෙලිය හැකී
එක පියුමයි නෙලිය හැකී ජීවන මල් ගොමුවේ
එක කුසුමක් නෙලන්නයැයි දෙහඳක මා බැඳුනේ
දෙහඳක මා බැඳුනේ
සමන් මලයි .... //