සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේsaman mal piyallee sandee raes kaeraellee

Saman Mal Piyalle

Lyrics

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
ප් ‍රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ

වනේ මල් නෙලාලා ඔබේ ගෙල බඳින්නම්
රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම්
ආ.... ආ.... ආ.... ආ
සාගරෙන් සොයාලා
නිල් මැණික් ගෙනල්ලා ඔබගේ වරලේ ගසාලා
ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ

සුදො සුදු වළාවන් සිහින් ඉඟ ඔතන්නම්
ගංගාවේ ඉවුරේ ලංවී හිඳින්නම්
ආ.... ආ.... ආ.... ආ
අමරණීය ප් ‍රේමේ
සිහසුන් දරාලා ඔබගේ කවදා හෝ මං
දෑතම ලබන්නම්

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
ප් ‍රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.