Lyrics
ඉතින් මුසා ඇති
පරගැති ගති
මට මම ඇති
කරගෙන ගති
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
හිතින් හරි එඩී
ගතින් වෙලා වැඩී
අද ගොර හැඩී
ඉතින් මට රුචී
සමහරක් බුදී
සමහරක් බුදී
සමහරක් බුදී
ඉතින් මුසා ඇති....
හිතෙන් හරි එඩී....
මාස්ටර්
අතට ගන්න පුන්සඳක්
සබඳ දඹ රත්තරන් මල්ලී මම පින් කදක්
වෙලා සබඳ තිඹිරි ගෙය මැද හින්සලක්
සුමුදු මල් කඳක්
දාගෙන පිල් එකක්
සැපට පිල් දෙකක්
සැපත කොලොප්පම් කලා එනෝ යනෝ රවනෝ
හිත් වල පලුද්දක් තියන් කනෝ බොනෝ කවනෝ
රත්වෙලා කවි නම් තියා ගන්නෝ ලන්නෝ මවනෝ
මත් වෙලා පවින් මල් සරා හැරී හැරී විදිනෝ
කන් බෙර කූල් වෙලා ගිය හිත කූල් දාලා දැන් නම් බෑ මට
හිත හිරිවැටෙන්න ඔන්න මෙන්න මට අල්ලන්නෑ
මගේ රැප හෝද හෝද දාන උඹේ මොලෙන් පලක් නෑ
උඹේ පස්ස හොදගන්න වතුර තියනවාට එහෙ මගේ දලත් නෑ
උඹෙ බෝස් කියන විදිහට නැවෙන්නේ නෑ මන් නම් තනි සෙබලා
උඹ ලස්සනට පෙලට හිටියට බලන්නෙ නෑ බන් මගෙ සෙබලා
රට පස්සට යනකොටත් හිත ඇදේ ඇදේ ගෙවලා
මට නගින්න ලේසි වෙන්න රැපෙන් තිබ්බා දෙබලක්
කාගෙද ලියවෙන්නෙ නැත්තේ පෑන උඹෙ පොට්ටයි
පොඩි විසිල් එකටත් අල්ලන්න ආවේ ගොට්ටයි
හොද කාපර්ලා ඔක්කොම පැන්නේ එක තනි කොට්ටයි
පරිප්පුයි ලුණු මිරිසයි එක්ක යන්නෙම පොල් රොට්ටයි
මට ඉස්සර මුලිච්චි උන හැම මූණම ගුප්තයි
සීතල හරි පුටු කඩන් ආවට තාම මල පුප්පයි
රට යන එන තැන් වැඩි දැන් ඒවා ගුප්තයි
මගේ රැප තියෙන තැන ගැන මම තෘප්තයි උඹට හුප්පයි
යකුන්ට පුච්චලා දෙන්නෙ පුළුටු
මූනෙ ලප යන්න වැහෙන්න ඇඟට බොලටූ
හැම වත්තෙම තියනවා දැන්මහ කොරටු
උන්ට තෝරල දෙන්න ඕනෙ මූලෙ රැපේ අරටු
පතුරු යනකල් කිව්වා රැප මම කටෙන්
ඇට හදන්න බෑ වාහේ පුත්තු එකාගේ රටේ
කොල පාරක් හරි කමක් නෑ ඔතලා ගත්තා වටේන්
කොල්ලෙක් ඇවිත් තට්ටු කරලා ඇහුවා අයියේ කොකේන්
මේක ගමනක්
කවුරුත් නැතුවත්
තමන් සතු වත්කම
තමන් සතු වත්කම
නිකන් බොරු සත්තම
කටින් සරුවත් බොන
රටින් යන ඔක්කොම
මේක ගමනක් මේක
උත්තර වැද නිදි ගැම්ම වදන් උණ්ඩා
බිත්තර හන්දා කිකිලි තනියෙන්ම උන්නා
තනි අලියත් වැඩක් නෑ ඇහෙන්නැත්නම් කුංචා
මගේ රැප දෙන්නම් කඩන් යන්න ඔලු පුච්චාන්
කිරි සප්පා කිරි කිහිල් කුකුල් අන්ඩා
උඹේ පනපිටින් මොලේ කැඩුවා වගේ මම දන්ඩා
හිමින් වරෙන් කොල්ලො මගේ රැප උඩ කන්දක්
ඔතනින් වාඩිවෙලා බලං හිටපං නගින හැටි කන්දක්
දුර ගමනක් යද්දී තැන්නෙ මම කුළු කුළු
පය ගැටී රිදුම් දෙන රැයට උනාම මුලු මුලු
මැද්දට හම්බෙන හැම එකාගෙම හිතේ විස කුරු
උඹේ කැලේ ගිනි තැබුවා මගේ රැපෙන් බුරු බුරු
අතුගෑවුනා වැටෙද්දී ගින්නෙන් දැන් විද්දෙ කිරි කිරි
කට්ටියක් නොකපා ඉද්දී කට්ටියක් කැපුවා ඉරි ඉරි
දිලෙන්න ඕනෙ හන්දා හැම රැයෙම දිලුනා දිලි දිලි
මගේ රැප වටේ ගිහින් හරි වැටුන මිනි මිනි
මේක ගමනක්....
ඉතින් මුසා ඇති....
හිතෙන් හරි එඩී....
ඉතින් මුසා ඇති....
හිතෙන් හරි එඩී....