Lyrics
සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්
(ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ)..//
බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නීතිය ඒකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුර කරයි
බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි
හයි ෆයි කං එතන බාල්දුයි
සල්ලි මිටි ගණන්....
ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
සන්තෝසයි දිනාපු පැත්ත
දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත
බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත
සල්ලි මිටි ගණන්....