සල්ලි දීල ගවුම මැහුවෙ (මිනි ගවුම)salli dhiila gawuma maehuwe (mini gawuma)

Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)

Lyrics

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න.....

ලීලී මාගෙ නෝනා එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ.....

මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ.....

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...

අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝනා මිනි ගවුම් සොයනවා
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා

මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා....

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...

මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ

මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාවෙ දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.