සල් සපුනා (ඉගිල්ලී යයි කුරුල්ලෝ)sal sapunaa (igillii yayi kurulloo)

Sal Sapuna (Igilli Yai Kurullo)

Music:
රුක්ෂාන් සුබසිංහrukshaan subasinha
Lyrics:
තුෂාරි අබේසේකරthushaari abeeseekara

Lyrics

ඉගිල්ලී යයි කුරුල්ලෝ
පියාඹා උන් නිදැල්ලේ
නීල ගගනේ සොඳුරු සුළඟේ
නිම් හිම් නොවේ
සොයා යනනේ දෝ ප්‍රේමයක්...

චන්න කින්නරාවී පායා වී සාදරෙන්
ඉන්ද්‍රචාපයාණන් සසැලේවි ආදරෙන්
සල් සපු නා මල් පිපී
ඒ සුවඳින් විල් පිරේ
නැළවේවි සිනාසේවි කෞමතී...

මණිමේඛලාවන් ආදරෙන් කී ගායනා
හද වේදනාවන් හී සරින් දෙයි පෙම් සිනා...//
මල් වරුසාවන් වැටී සල් සපු නාවන් පිපී
ළං වේවී ගලා යාවී විල් නදී
සොයා යන්නේ දෝ ප්‍රේමයක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.