සල් සපු නා නිල් මහනෙල්sal sapu naa nil mahanel

Sal Sapu Naa Nil Mahanel

Lyrics

සල් සපු නා නිල් මහනෙල්
කුමුදු සමන් - මල් අතරේ..//
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..

පළිඟු රුවන් මිණිමුතු මෙන් 
පහන් දිලෙනවා..
එබඳු පහන් අඳුරු විමන් 
පහන් කරනවා..
වැලිතලේ - සැඟවිලා - රුවන් හැදෙනවා..
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා..

සල් සපු නා - නිල් මහනෙල්..

වීණාවෙන් බිළිඳු තතින් මිහිරි 
ස්වර වැයේ..
සුපෙම් හැඟුම් උපද්දවයි 
දුගී වුව ළයේ..
කළු වළා - වල පවා - රිදී ඉරි තියේ..
කිමද මේ නියදහම් අමතක ව ගියේ..

සල් සපු නා - නිල් මහනෙල්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.