සල් සපු මල්sal sapu mal

Sal Sapu Mal

Lyrics

සල් සපු මල්  දෙවැට දිගේ පිපලද දුනුකේ
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ

වෙල මැද්දෙන් ආ මැණිකේ අවට බලනවා
ගොයම් කරල් ඇගේ දෙසට ඔමරි කරනවා
කන්ද උඩින් පායන සඳ මට සිහි වෙනවා
සඳ නැතිවට ඇගේ සිහිල පවන් සලනවා
මට පවන් සළනවා

සල් සපු මල්  දෙවැට දිගේ පිපලද දුනුකේ
පීරාගෙන පිටට නෙලා දිගුවන් හිසකේ
හදක පැතුම් පුරවා ගෙන දහසක් හනිකේ
පෝයට දළදා වඳින්න එනවා මැණිකේ
ඔව් - එනවා මැණිකේ


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.