Lyrics
සල් සමන් සුගන්ධිනි වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී ඔබේ නුවන් දොලේ
මා පැතුම් ගෙනා රෑ පහන් වුණා - මල් මනාලියන් උදෑසනේ
ස්නේහයේ රුවන් දැල්වුණා පහන් - රොන් සොයා වඩින්න පා සෙනේ
රෑ සදේ සිනා තුෂාරයෙන් ගෙනා - ආදරේ නෙතින් කඩා හැලේ
මන්දහාසයෙන් පීදුනා ලවන් - පා තබා වඩින්න පා සෙනේ