සක්මන් කරන මළුවsakman karana maluwa

Sakman Karana Maluwa

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

(සෙංකඩගල වටකල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ..//)
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

සක්මන් කරන....

(වාසල මිණි බැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ...//)
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ 

සක්මන් කරන....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.