සාගරේ තරම් ආදරේ අරන්saagaree tharam aadharee aran

Sagare Tharam Adare Aran

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

සාගරේ තරම් ආදරේ අරන් 
සරා සිහිනයේ නැවතිලා 
පිරු මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පුදලා
නුරා මල් හැගුම් ඇහැරිලා
සදා ජිවිතේ ඔබ වෙලා ....

ආදර කවියෙ දුරක ගිහිල්ලා
ජිවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුලගට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලෙ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා.....

සාගරේ තරම්.....

පාවෙන සුසුමෙ උණුහුම හංගා
හිතල දෙතොලින් දෙකොපුල් ඉම්බා
සාගර රළ හා තනුවක රන්දා
ආදරණියම කවියක් ලිවුවා
ඇසිපිය ගැ එ හීනෙ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා.....

සාගරේ තරම්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.