සඳුදා උදේ දුර එද්දී මාsandudhaa udhee dhura edhdhii maa

Saduda Ude Dura Eddi Ma

Lyrics

සඳුදා උදේ දුර එද්දී මා
වැට ගාව ඔබ ඉන්නවා
රහසින් බලා නොකියා කියූ
ඔය රහස මම දන්නවා
සඳුදා ඉදන් හැමදා උදේ
මඟ මං බලා ඉන්නවා
සුරතල් මුවේ හිරිමල් හිනා
දෙනදාක පිලිගන්නවා

පාසැල් වියේ පුංචි අපි නම් අනේ
හඳුනන්නේ නෑ ආදරේ
ඔබමයි හිතින් ඉඟිපා නෙතින්
පවසන්නේ ප්‍රේමාදරේ

සඳුදා උදේ ....

මේ ගේ ලඟින් යද්දී පැටලෙයි දෙපා
නුහුරුයිනෙ මට ආදරේ
කිරිකෝඩු මං මේ පෙම් රටේ
අපි තාම පොඩිවුන් වගේ 

සඳුදා උදේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.