සැදී රන් අබරණින්saedhii ran abaranin

Sadi Ran Abaranin

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

සැදී රන් අබරණින්
රිදී සළුපිළි දරා
නැගී රිය පෙරහරින්
පැතු පෙම් ලොව දවා

මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා
මාගේ හදවත ඔබෙයි
මාගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අප දිවිතුරා
නොඑන බව යලි දනිම්
නොඑන බව යලි දනිම්

සැදී රන් අබරණින් .../

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නීති විදින්නම්
සසර මතු භාවෙක හෝ
සුරත ඔබේ පතන්නම්
සුරත ඔබේ පතන්නම්

සැදී රන් අබරණින් .../
මනාලිය වී ලඳේ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.