Lyrics
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි …
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට …
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
එතෙර වන්න නිඹදේ …
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට …
අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ …